කුසල් මෙන්ඩිස් , ධනුෂ්ක ගුණතිලක ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට එක්වන බවට වාර්තා අසත්‍යයි

පසු ගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ කුසල් මෙන්ඩිස් රට අතහැර ඇමරිකා ක්‍රිකට් කණ්ඩායම හා එක් වන බව පුවතක් සංසරණය විය. ඊට දින කිහිපයකට පසු කුසල් මෙන්ඩිස්
ඒ සම්බන්ධව අදහස් දැක් වූ කුසල් මෙන්ඩිස් පවසා සිටියේ රට අතහැර ඇමරිකාවට යාමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති අතර තව දුරටත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම තමා ගේ එකම අරමුණ බවත් ය.

ඊට දින කිහිපයකට පසුව නැවත ප්‍රසිද්ධ පුවත් පතක් දික්වැල්ල ගුණතිලක හා මෙන්ඩිස් යන ක්‍රීඩකයන් තිදෙනාම ඇමරිකා ක්‍රිකට් කණ්ඩායම හා එක් වීමට නියමිත බව නැවත පුවතක් පල කර තිබුණි.එයට ප්‍රෙතිචර දැක් වූ ඔවුන්ගේ කළමනාකරු පවසා සිටියේ.

වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ක්‍රිකට් හැර දමා ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම හා එක්වන බවට පළවන සියලූම වාර්තා අසත්‍ය බව ඔවුනගේ පුද්ගලික කළමණාකරු පවසා සිටියහ.

කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක තමන්ට පනවා ඇති වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් සිදු කර ඇති අතරම එවැනි කාල සීමාවක ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට එක්වන බවට අසත්‍ය තොරතුර කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් ප්‍රචාරය කරමින් සිදු කරන බව පුද්ගලික කළමණාකරු අසංක විජේවර්ධන වැඩිදුරටත් පවසා සිටියේය.

“කුසල් මෙන්ඩිස් , ධනුෂ්ක ගුණතිලක ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට එක්වන බවට වාර්තා අසත්‍යයි “

Leave a Comment

Exit mobile version