චන්දිමාල්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ ටෙස්ට් සහ එක්දින, විස්සයි විස්ස තරගාවලි වලදි ඉදිරියේදී තමාව තෝරා ගන්නවා ද නැද්ද යන්න සනාථ කරන ලෙස ඉල්ලමින්ය.

දිනේෂ් චන්දිමාල් අතීතයේ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ට ක්‍රීඩකයන් කිහිපදෙනකුම වන ඩිල්ෂාන්, මහේල, සංගක්කාර, සනත් ජයසූරිය, වැනි ක්‍රීඩකයන්ගේ දත්ත සංඛ්‍යාලේඛන ඉස්මතු කරමින් පෙන්වා දුන්නේ ඔවුන් සියලුම දෙනා පාහේ සාර්ථක ලෙස දස්කම් අතරට පැමිණ ඇත්තේ ඔවුනගේ වෘතීය දිවියේ දෙවැනි බාගය එනම් අවසන් කාලයේ බවය..

ඔහු මේ මොහෙතේ ඇති වටිනාකම හඳුනා නොගන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කර තිබේ.

ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා ඇත්තේ ඔහුගේ වයස 31 බවත් ඔහුගේ ක්‍රීඩා කාරිත්වය සහ සෞඛ්‍ය තත්වයද ඉතා හොඳ මට්ටමක පවතින අවස්ථාවක පෙනී යන්නේ මේ අවස්ථාවේ ඉතා හොදින් ක්‍රීඩා කළ හැකි බවයි.

එමෙන්ම ඔහුගේ ඉදිරි ක්‍රිකට් දිවිය පිළිබඳව සාකච්ජා කිරීමට අරවින් ද සිල්වා සහ තේරීම් කමිටුව සමග සාකච්ඡාවක් පවත්වන ලෙසද ඔහු ඉල්ලා තිබේ. තවදුරටත් ඔහු අදහස් දක්වමින් කියා සිටියේ

“මගේ ක්‍රිකට් අනාගතය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සාකච්ඡා කිරීමට මා කැමතියි. මෙය මාගේ වෘත්තිය බැවින්, මේ අවස්ථාවේ දී මාගේ අනාගතය සඳහා නිවැරදි හා වඩාත්ම උචිතම තීරණ ගැනීම මට ඉතා වැදගත් වේ.”

– දිනේෂ් චන්දිමාල් –

මීට පෙර දිනයකදී ඇන්ජ්ලෝ මැතිව්ස් ද මෙලෙස ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීම පිළිබඳව සිතමින් සිටින බවය..

එසේම දිගින් දිගටම ජේෂ්ඨයන් නොසලකා හැරීමෙ තේරීම් කමිටුවේ ප්‍රතිපත්තිය හේතුවෙන් තිසර පෙරේරා ද ක්‍රීඩා දිවියට සමු දුන් අතර ලොව සිටින ප්‍රබලතම 20 20 පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගටද ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායමට ක්‍රීඩා කිරීම අහිමි වී තිබේ.

Leave a Comment

Exit mobile version