චන්දිමාල් ගේ ලිපියට අරවින්ද ද සිල්වාගෙන් සුභාවාදි පිළිතුරක්…

දිනේෂ් චන්දිමාල් විසින් පසුගිය දා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යවමින් පවසා සිටියේ තම ක්‍රිඩා දිවියේ අනාගතය පිළිබද මේ අවස්තාවේ තීරණයක් ගැනීම තම ජිවීතයට ඉතා වැදගත් බවත් ඒ සදහා සාකච්චා කිරිමට අවස්තාවක් ලබා දෙන මෙන් තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් ද සිදු කරමින්..

චන්දිමාල් වැඩි දුරටත් එම ලිපිය මගින් ඔහු තවමත් දක්ෂතා අතර සිටින බවත් සුදුසුකම් සනාත කර ඇති බවත් පසුගිය වසර වලදි කණ්ඩායමේ නිසි ස්තානයක් ලබානොදුන් බවද මහේල ජයවර්ධන, කුමාර  සංගක්කාර , තිලකරත්න ඩිල්ෂාන්, සනත් ජයසිරිය වැනි ජේෂ්ඨ ක්‍රිඩකයින්ගේ ක්‍රිඩා දිවියේ සාර්තකම කාලය අවුරුදු 30 න් පසුව ළගා වූ බවත් පවසා සිටියා..

එම ලිපියට පීළිතුරු වශයෙන් අරවින්ද ද සිල්වා මහතා විසින් දිනේෂ් චන්දිමාල් හට පිළිතුරු ලබා දී තිබෙනවා..

එමගින් ඔහු පවසා ඇත්තේ ඔවුන්ගේ අරමුණ අනාගතය උදෙසා ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරිම පමණක් බවත් ක්‍රිඩයන් තෝරා ගැනීම නොවන බවය..

ඔහු විසින් චන්දිමාල්ගේ ලිපිය සම්බන්ද කරුණු අද්‍යනය කර අවශ්‍ය තීරණ ගන්නා ලෙසත් තේරීම් කමිටුවට යොමු කරන ලෙසත් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටි බවය..

වාර්තා වන ආකාරයට ඉදිරියේදි චන්දිමාල් හට තාක්ෂණික කමිටුව සමග සාකච්චා කිරීමට දිනයක් ද දන්වා තිබේ.

Leave a Comment

Exit mobile version