චන්දිමාල් නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම පරදවා ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් BLUES කණ්ඩායම ලකුණු 56ක ජයක් වාර්තා කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ තරග දෙකක් ඊයේ (13) පැවැත්වුණි.

පළමු තරයෙන් එක් ලකුණක තියුණූ ජයක් ලබාගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් GREYS කණ්ඩායම සමත්වී තිබේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් GREYS කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණූ 167ක් ලබා ගත්තේය.

එම ඉනිම වෙනුවෙන් දසුන් ශානක ලකුණූ 84ක් ලබාගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අශාන් ප්‍රියංජනගේ නායකත්වයෙන් යුත් GREENS කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 166ක් පමණි.

දෙවන තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම පරදවා ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් BLUES කණ්ඩායම ලකුණු 56ක ජයක් වාර්තා කළේය.

පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම සිය පන්දුවාර 4 තුළ ලකුණු 12කට කඩුලු 2ක් ද, ඇන්ජෙලෝ පෙරේරා පන්දුවාර දෙකක යොමු කරමින් ලකුණු 6කට කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් වූ අතර තරඟය පුරාවට BLUES ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම කැපී පෙනුනා.

Leave a Comment

Exit mobile version