චමින්ද වාස් – ක්‍රිකට් කියන්නේ විනයක්

අපි ගත්තොත් පරණ ක්‍රීඩකයෝ ඉතාමත් කැපෙයිමක් තිබුණා තරඟයක් ජයක්ග්‍රහණ ය කරන්න මහන්සි උනා තරඟයක් පරදින්න ආස නෑ ග්‍රවුන්ඩ් එකට බැස්සම මරාගෙන ගහනවා ඒ වගේ ෆීලිං එකක් තිබ්බ අපිට ඕනිම ක්‍රීඩකයෙකු ට නමුත් මැතක්දි ගත්තොත් අපේ දේශීය ක්‍රිකට් වලවිනයක් ඒවගේම ෆින්ටස් කියන ඒව මීට වඩා implimnt කරොත් ක්‍රීඩකයා ව හරි තැන තියලා ක්‍රීඩාව කරන්න දුන්නොත් මන් හිතනවා අපේ ක්‍රිකට් වෙනස් වෙයි කියලා මොකද අපේ ඉන්නවා හොඳ තරුණ ක්‍රීඩකයෝ අපිට වඩා දක්ෂ ක්‍රීඩකයෝ. නමුත් ඒ ක්‍රීඩකයන්ගෙන් ක්‍රීඩාව ගන්නේ කොහොමද කියලා සැලසුමක් තිබිය යුතුමයි . අපි ක්‍රීඩකයෝ බලාගන්නා ඕනි ක්‍රීඩකයන්ට හරියට සලකන්න ඕනි ඔවුන්ට වුන්ගේ තැන දෙන්න ඕනි .

අපි 96 ක්‍රීඩාව ඉදිරියට එද්දී අපිට විදේශීය පුහුණුකරුවන්ගේ පුහුණුවීම පතන්න ඕනි උන එතකොට අපිට මොකුත් තිබ්බෙ නෑ ඩේව් වර්මෝර් 96 ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ එයත් එක්ක ආපු ඇලෙක්ස් කොන්ටොරු තමා ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කරන්න මුල් උනේ ඉන් පස්සේ කාලෙන් කාලෙට ජෝන් ඩෛසන්, බෲස් යාඩ්ලි, ටොම් මූඩි හිටියා ඒ වගේම ග්‍රෑන්ඩ් ෆෝඩ් හිටියා.
මගේ මතය 2007 න් පස්සේ අපි ගොඩක් ක්‍රීඩකයෝ බිහිකළ. අපිට ලෝක කුසලාන 2ක් ජයක්ග්‍රහනය කරන්න පුළුවන් රටක. ලෝක කුසලාන 3කට අවසන් මහා තරගයට එන්න පුළුවන් වුණු රටකට t20 අවසාන තරඟයට එන්න පුළුවන් උණු රටක පුහුණු කරුවෝ නැද්ද
හොදින් පුහුණු කරන. රුවන් කල්පගෙල මාවන් අතපත්තු ල මහේල ජයවර්ධන කුමා සංගක්කාරලා ටී ම් ඩිල්ෂාන් ල ඒ ක්‍රීඩකයන් අපේ රටේ ක්‍රීඩාවට ආශිර්වාදයක්. ඒ වගේම ක්‍රීඩකයන් පුරුදු කරන්න අවස්ථාවක් නැද්ද.අපේ ලෝකය ක්‍රිකට් ක්‍රීඩාව තැනකට ගෙනිච්චේ ඔය ක්‍රීඩකයෝ තමා. ඔය ක්‍රීඩකයෝ න්ට බැරිද රටේ යහපත වෙනුවෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න .

මේ තියෙන තත්වය අනුව ක්‍රිකට් මීට වඩා දියුණු වෙන්න පුළුවන්. ඉතාමත් හොඳ ක්‍රීඩකයන් ඉන්නවා නමුත් ඒ ක්‍රීඩකයන්ව තෝරා ගැනීමේදී ඔවුන්ට සාධාරණයක් වෙන විදියට ඔවුන්ට අවස්තාව දෙනවානම් අපේ ඉතාමත් හෝදා ක්‍රීඩකයෝ ප්‍රමාණයක් ඉන්නවා. උදාහරණයට ගත්තොත් පැතුම් නිශ්ශංක ඉතාමත් හොදින් ක්‍රීඩා කරනවා අශේන් බණ්ඩාර ඒ වගේම කමිදු මෙන්ඩිස් ලහිරු උදාන අපේ පළමු තරග වල වැඩිම ලකුණු ලාභියා.ඉතාමත් හොඳ ක්‍රීඩකයෝ ටිකක් ඉන්නවා චරිත් අසලංකා. බුවෙනුදු ෆර්නැන්ඩො හොදා කට්ටියක් ඉන්නවා නමුත් ඔවුන්ව අපි රැක බලා ගත යුතුයි.ඔවුන්ට කතා කළ යුතුයි . ඔවුන් තාම ළාබාල ක්‍රීඩකයෝ ඔවුන්ගේ ඔළු එහෙ මෙහෙ දුවන්න පුළුවන්.ක්‍රීඩකයෙක් හැටියට ඒ ක්‍රීඩකයෝ කළමනාකරණය හැටියට පාලක මණ්ඩලය හැටියට ඔවුන්ව රැක බලාගෙන ඔවුන්ට අවස්ථාව දීලා ඔවුන්ව හරියට ස්ථානගත කරගත්තොත් ඔවුන් යන ස්ථාන බලාගත්තොත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්න පුළුවන්

ක්‍රිකට් කියන්නේ විනයක් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මන් විනය ඉගෙන ගත්තා අදින පළඳින විදිය ඉගෙන ගත්තා කන බොන විදිය ඉගෙන ගත්තා මේකට විණයක් තියෙන්නේ ඕනි මේකට වෙලාවක් තියෙන්න ඕනි හැමදේටම. මේක අපේ ක්‍රීඩකයන් ට පුරුදු කරන්න පුලුවන් නම් මන් හිතන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා හොඳ තැනක තියෙයි

කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා ක්‍රිකට් වලට මොකද ලංකාවට අවුරුදු 20 ක් ක්රීඩා කරලා තියෙනවා ඒ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබුණු අත්දැකීම් ඒ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබිච්ච හැම දෙයක්ම මේ තරුණ ක්‍රීඩකයන් එක්ක බෙදා ගන්න ඒ ක්‍රීඩකයන් හරි මාර්ගයට ගෙනියන්න මන් හිතන්නේ මටගොඩක් දේවල් කරන්න පුළුවන්.

චමින්ද වාස්

Leave a Comment

Exit mobile version