තරගාවලිය අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිතය..

එළැඹෙන දකුණු අප්‍රිකානු තරගාවලියට පෙර SLC ආරාධිත 20 20 ලිගයක් පැවැත්වීමට සූදානම් කර තිබෙන බව ක්‍රිකට් ආයතනය විසින් මිට දින කිහිපයකට පෙර මාද්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියා.

මීට දින කිහිපයකට පෙර එහි කණ්ඩායම් 4 නිල් රතු හරිත සහ අළු වශයෙන් නම් කර ඇත.

ලීගයේහි මූලික වටයේ සෑම කණ්ඩායමක් ම තරග 6ක් ක්‍රීඩා කරන අතරම අවසානයේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක අවසාන තරඟයට ක්‍රීඩා කරනු ඇත.

මෙම තරගාවලිය ජ්‍යාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පැවැත්වෙන අතර දිනකට තරග දෙකක් පැවැත්වීමට නියමිතය. එනම් දහවල් 2.30 ට හා රාත්‍රී 7.00 ට ය. මෙම තරගාවලියේ මූලික අරමුණ වනුයේ ජාත්‍යන්තර තරග වලට පෙර හොඳ පුහුණුවක් ලබා දීම හා එංගලන්ත තරග සංචාරයට අවස්ථාව නොලැබී ගිය ක්‍රීඩකයන් හට අවස්ථාවක් ලබා දීමයි.

එසේම මෙම කණ්ඩායම් 4 ට අදාළ නායකයන් අද දින (3) නම් කර ඇත.

නිල්  – දසුන්  ශානක
රතු – ධනංජය ද සිල්වා
කොළ – දිනේෂ් චන්දිමාල් හා
අළු – අශාන් ප්‍රියංජන්

තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අගෝස්තු 12 වනදා සිට අගෝස්තු 24 දක්වා පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Exit mobile version