දකුණු අප්‍රිකාවට ඉතිහාසගත තරගාවලි ජයක්..

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 10 ක අතිවිශිෂ්ඨ ජයක් ලබන්නට Quinton De Kock ප්‍රමුඛ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරග්ගවලිය 3-0 ක් ලෙස ඉතිහාසගත තරගාවලි ජයක් ලබන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

මෙම තරගයේ කාසියයේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර වෙනස්කම් 3ක් සහිතව අද තරඟයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ අවිශ්ක සමගින් කුසල් පෙරේරා ය.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ලකුණු 12 ට දැවී ගිය අතර දිගින් දිගටම ආසාර්තක වන ශ්‍රි ලංකා කණ්ඩායමේ මැදපෙළ අදත් (14) ප්‍රේෂ්කයන්ට දැක ගන්නට ලැබිණි. මෙහිදි කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා 01 ලකුණකට ද භානුක රාජපක්ෂ ලකුණු 5 ක ට ද කමිදු මෙන්ඩිස් ලකුණු 10 කටද දැවී ගියහ.

දසුන් ශානක පන්දු 26 න් ලකුණු 18 ක් රැස් කර සිටියදී දැවී ගිය අතර වනිදූ හසරංග ලකුණු 4 ටද ළහිරු මධුශංක එක ලකුණකටද දැවී ගියහ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් පෙරේරා ලකුණු ලකුණු 39 යි. නොදැවී ක්‍රීඩා කල චමීර ලකුණු 2 ක් සහ චාමික ලකුණු 24 යි.

පන්දුවාර විස්ස නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ලකුණු 120 යි. පන්දු යැවීමේදී ෆොටුන් සහ රබාඩා කඩුලු දෙක බැගින් ද මාක්‍රම් මෝල්ඩර් සහ මහාරාජ් අතර එක කඩුල්ල බැගින්ද බෙදී ගියහ.

121 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම කිසිවෙකු නොදැවී එම ඉල්ලකය සපුරා ගැනීමට සමත් විය.

මෙහිදි ඩී කොක් ලකුණු 59 ක් සහ රිසා හෙන්රික්ස් 56 ක් ද රැස් කිරීමට සමත් වූ අතර එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට අවස්ථාවක් උදා නොවීය. තරගාවලියේ වීරයා සහ තරගාවලියේ වීරයා කුයින්ටන් ඩී කොක් ය.

ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය නිමා වූයේ 3-0 ක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමට තරගාවලි ජයක් ගෙන දෙමිනි. එමෙන්ම දකුණු අප්‍රිකා කණ්ඩායම මෙරට දී ශ්‍රි ලංකාව 3-0 ක් ලෙස පරාජයට පත් කිරිමට සමත් වුයේ පළමු වරටය.

Leave a Comment

Exit mobile version