දික්වැල්ල එංගලන්ත සංචාරයෙන් පසුව උසස් මනෝ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් උපදෙස් ලබා ගනී..

මීට සති කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා  කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට තවාකලික තරග තහනමක් ඉකුත් දිනයකදී පනවන ලදි. එසේම ක්‍රීඩකයින් සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 10 ක දඩයක් ද නියම කෙරිණි.  කෙසේ වෙතත්, මේ වන විට ක්‍රීඩකයින් දඩ ගෙවා ඇත්දැයි තවමත් නොදනී.

දික්වැල්ල එංගලන්ත සංචාරයෙන් පසුව උසස් මනෝ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් උපදෙස් ලබා ගත් බව දැනගන්නට ඇත.එය දික්වැල්ලට සමීපතමයෙක් තහවුරු කරන ලද්දේ ඔහු උපදේශකයින්ගෙන් උපදෙස් ලබාගන්නා බවයි සදහන් කරමින්.

තිදෙනා රට හැර ඇමරිකා එක්සත් ජනපදයට ගොස් එහි ක්‍රීඩා කිරීම යන සියල්ල කටකතා බවත් එය එසේ සිදු නොවන බවත්ය.ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ දික්වැල්ලගේ අරමුණ පුහුණුවීම් කර නැවත කණ්ඩායමට පැමිණීම බවයි. තවද ඔහු දික්වැල්ල තම වරද පිළිගෙන ඒ සඳහා සමාව අයැද සිටින බව ඔහු පැවසීය.

“ඔහු (Dickwella) පෞද්ගලික මට්ටමින් ඉහළ උපදේශකයින් කිහිප දෙනෙකුගෙන් උපදෙස් ලබා ගන්නවා. ඔහු කුමක් වුවත් පිරිසිදු හා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක්. මෙම ඇමරිකා එක්සත් ජනපද වාර්තා කිසිදු සත්‍යථාවක් නොමැති ඕපාදූප පමණි. දික්කා මේවා මොටිවෙට්ෂන් එක්ක විදියට ගන්නේ. දික්කාගේ අරමුණ වෙලා තියෙන්නේ දැඩි පුහුණුවක් ලබා මානසිකව හා ශාරීරිකව ශක්තිමත් ක්‍රීඩකයෙක් ලෙස ජාතික කණ්ඩායමට පැමිණ තරග ජයග්‍රහණය කිරීම ය. ඔහු සෑම දෙයක්ම ලබා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිසා .ඔහු වෙන කිසිවක් නොව 100% ක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කැප වේ. ඔහු වැරැද්දක් කළා, ඔහු එම වරද පිළිගෙන ක්‍රිකට් ආයතනයට වාචිකව සහ ලිඛිතව දන්වා සමාව අයැද සිටිය.

එසේම, දික්වැල්ල ගේ සමීපතමය සදහන් කළේ දික්වැල්ල සහ අනෙකුත් ක්‍රීඩකයින් දෙදෙනා ද තම දඩුවම් ලිහිල් කරන ලෙස මණ්ඩලයෙන් අභියාචනයක් ඉදිරිපත් කොට ඉල්ලීමක් කළ ඇති බවයි.

Leave a Comment

Exit mobile version