දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියේ කිසිදු පිතිකරුවෙකු නොලද ලෝක වාර්තාවක් අභියස..

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගයේදී ඉනිම් දෙක තුලද දිමුත් කරුණාරත්න හට ලකුණු 50 සීමාව පසුකර යැමට හැකි වුවහොත් වසර 100 කට වඩා පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට ඉනිම 8 කදී ලකුණු 50 සීමාව පසු කළ ලෝව එකම පිතිකරුවා බවට පත් වීමට දිමුත් කරුණාරත්නට හැකි වනවා..

දිමුත් කරුණාරත්න මෙම වසරේදී දිත්ව ශතකයක් ද සමගින්  සිය අවසන් ඉනිම් 6 තුළ ලකුණු 733 ක් ලබා ගෙන තිබෙනවා. විශේෂත්වය වන්නේ දිමුත් අහඹු ලෙස, මෙම අවස්ථා 6 කදීම ලකුණු 50 සීමාව පසු කර ඇති අතර පිට පිටම ඉනිම් 6 කදි ටෙස්ට් ලකුණු 50 සීමාව පසු කිරිමට ලොව ක්‍රිඩකයින් 25 දෙනෙකු සමත් වී ඇත.

මෙම පිතිකරු ලැයිස්තුවේ ඉනිම 6ක් තුළ ලකුණු 50කට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇති එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ හිටපු නායක කුමාර් සංගක්කාරයි. සංගක්කාර 2007 දී ද්විත්ව ශතක දෙකක් සහ ලකුණු 150+ දෙකක් සමඟින් කැපී පෙනෙන ලකුණු 915ක් රැස් කිරිමට සමත් විය.

එමෙන්ම පසුව 2014 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ත්‍රිත්ව ශතකයක් ඇතුළුව පිට පිට අර්ධ ශතක 7ක් රැස්කරමින් සංගක්කාර එම වාර්තාව පසු  කළේය. දිමුත් හට හෙට (29) තරගයේ පළමු ඉනිමේදී තවත් ලකුණු 50+ ලබා ගැනීමට හැකි වුවහොත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ පිට පිට වැඩිම (ඉනිම 7 කදී) ලකුණු 50+ රැස් කළ වාර්තාව සම කරමින් සංගක්කාර ඇතුළු පිතිකරුවන් 6ක් සමඟ එක් වීමට හැකි වනු ඇත.

Leave a Comment

Exit mobile version