ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් නිරෝෂන් දික්වැල්ල ට පංච පුද්ගල කමිටුවෙන් දඩුවම්..

මීට සති කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා  කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට තවාකලික තරග තහනමක් ඉකුත් දිනයකදී පනවන ලදි.

මොවුනගේ විනය විරෝධී හැසිරීම පිළිබද විනය පරීක්ෂණයක් පැවැත්වීමට විශ්‍රාම විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර තිබුණි.එසේම පසුගිය සතියේ ඔවුන් සම්බන්ධ චෝදනා පත්‍රය භාර දී තිබූ අතර එයට පිළිතුරු දීමට දින තුනක කාලයක් ඔවුනට ලබා දී තිබුණි.
අද දින (29) ඉහත ක්‍රීඩකයන් ට එරෙහිව විනය පරීක්ෂනය පංච පුද්ගල කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙදී පැවැත් වූ අතර ඔවුන්ට එරෙහිව දඩුවම් එහිදී නියම කරන ලදී.

මෙම කමිටුව විසින් අදාල වාර්තාව ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති අතර වහාම එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් දෙදෙනාට ඇමරිකානු ඩොලර් 25,000ක හා වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවන ලදි.

එසේම නිරෝෂන් දික්වැල්ල හට මාස 18 ක තහනමක් ලබා දී තිබූ අතර එසේ කිරීමට හේතුව යූයේ මෙය ඔහුගේ පළමු වැරැද්ද හේතුවෙනි එසේම ඔහුටද ඇමරිකානු ඩොලර් 25,000ක දඩයක් නියම කර තිබේ.

මෙම දඬුවම නියම කළ පංච පුද්ගල කමිටුව වූයේ   වූයේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, ක්‍රීඩා අමාත්‍යාංශයෙහි හිටපු හිටපු නීති උපදේශක පණ්ඩුක කිර්තිනන්ද, නීතිඥ අසේල රැකව,නීතිඥ උචිත වික්‍රමසිංහ සහ මේජර් ජෙනරාල් M R W ද සොයියා ය.

මුලාශය ; අද පුවත් පත

Leave a Comment

Exit mobile version