පළමු විස්සයි විස්ස තරගයේ ජය දකුණු අප්‍රිකාවට..

එක්දින තරගාවලිය දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ජයක් ග්‍රහනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විස්සයි විස්ස පළමු තරඟයට අද එක් වූයේ ජයක්ග්‍රාහී මානසිකත්වයෙනි.

රාත්‍රී 7 ට ආරම්භ වූ තරගය කාසිය වාසිය ජය ගත් දකුණු අප්‍රිකානුවන් මුලින් පිතිකරණයේ නිරත විය.

ඒ අනුව Quinton De Kock සමගින් ඉනිම ආරම්භ කරන ලද්දේ Reeza Hendricks ය. පළමු කඩුල්ලේ සම්බන්ධතාව ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 73 ක් දක්වා රැගෙන යන ලදී.පන්දු 32 ක් තුළින් ලකුණු 36 ක් රැස් කර De Kock පිටියෙන් ඉවත් කිරීමට වනිදූ සමත් විය.Reeza Hendricks පන්දු 30 ට ලකුණු 38 ක් රැස් කළහ.

ඩේවිඩ් මිලර් සහ මාර්ක්‍රම් එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට දැඩි ප්‍රහාරයක් එල්ල කළහ. විශාල ලකුණු සංඛ්‍යාවක් කර ගිය ඔවුන් 19 සහ 20 වන පන්දුවාරය යොමු කළ දසුන් සහ චමීර එක්ව ඔවුන් ව පාලනය කරන ලදී.මාක්‍රාම් ලකුණු 48 කට දැවී ගියහ.ඩේවිඩ් මිලර් රැස් කල ලකුණු 26 සදහා පන්දු 15 වැය කරන ලදී.

 

වනිදු හසරංග හට කඩුලු දෙකක් බෙදී ගිය අතරම මංගල තරගය ක්‍රීඩා කල මහිෂ් තික්ෂ්න හෙන්රිච් ක්ලාසන් ගේ කඩුල්ල දවා ගන්නට සමත් විය.නායක දසුන් සහ චමීර අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.නියමිත පන්දුවාර 20 අවසානයේ දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් ලබා ගැනීමට සමත් විය.

 

ඉන්පසු 164 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසියේ අවිශ්ක සමගින් චන්දිමාල් ය.ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හට සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි වූ අතර නියමිත පන්දුවාර 20 තුළ රැස් කර ගැනීමට හැකි වූයේ කඩුලු 6 ට ලකුණු 135 ක් පමණි.

 

නැවතත් ජාතික කණ්ඩායමට පැමිණි දිනේෂ් චන්දිමාල් කණ්ඩායම ජයක්ග්‍ රහනය කරා ගෙන යාමට හුදකලා සටනක නිරත වුවද අනෙක් අන්තයෙන් ඔහුට සහයක් හිමි නොවීය.

 

චන්දිමාල් සිය 6 වන අර්ධ ශතකය ලබා ගනිමින් නොදැවී ලකුණු 66 ක් රැස් කරනු ලැබුවේ පන්දු 54 කිනි.චාමික පන්දු 14 කින් ලකුණු 20 ක් රැස් කල අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙකු හට ලකුණු 20 සීමාව පසු කිරීමට නොහැකි විය.ඒ අනුව පළමු විස්සයි විස්ස තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ගෙන තරගාවලියේ පෙරමුණ ගත්හ.තරගයේ වීරයා ලකුණු 48 ක් රැස් කල මක්‍රාම් ය.

 

 

දෙවන විස්සයි විස්ස තරගය ලබන 12 දින ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමතය.

Leave a Comment

Exit mobile version