ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අදහස් දක්වයි..

මහේල ජවර්ධන කුමාර සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන් දිගු කාලයක් ක්‍රීඩාවේ නියැලුණා.නමුත් ඔවුන් දක්ෂ අන්දමින් ක්‍රීඩා කළා. ඔවුන් පිටිය මැදට පිවිසුණු සෑම අවස්ථාවක පාහේ දක්ශතා ප්‍රදර්ශනය කළා
නමුත් වත්මන් ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ ඒවෙනි දෙයක් දැක තිබෙනවාද?

මම දන්නවා මෙය ජනප්‍රිය තීරණයක් නොවෙන්න පුළුවන් නමුත් අප සිතන ආකාරයට ඉදිරියට යන්න මෙය තමයි ගත යුතු හොදම තීරණය. අපේ සැලසුම් වන්නේ එළඹෙන ටී 20 සංචාර සඳහායි.

ඔහුගේ වර්තමාන ස්වරූපයෙන් පවා ඔහු අපේ රටේ ශ්‍රේෂ්ටතම පන්දු යවන්නෙකු බව අප සැමවිටම අමතක නොකළ යුතුය. මේ වසරේ සහ ලබන වසරේදී එළඹෙන ටී 20 ලෝක කුසලාන දෙකක් තිබේ. ඉදිරි දින කිහිපය තුළ අපි ඔහුව මුණගැසෙන විට අපි ඔහු සමඟ අපගේ සැලසුම් සාකච්ඡා කරනව.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

Leave a Comment

Exit mobile version