පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ගෙන් විස්සයි විස්ස ලෝක වාර්තාවක්…

පකිස්තාන කණ්ඩායමේ වර්තමාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ඊයේ දිනයේදී විස්සයි විස්ස තරග බිමේ වසරක් තුළ ලබා ගත් වැඩිම ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමා සතු කර ගැනීමට ඊයේ දින සමත් විය.

ඒ අනුව ඊයේ පැවති බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තරගයේදී ලකුණු 46 ක් ලබා ගනිමින් මෙම වාර්තාව ඔහු සතු කර ගැනීමට හැකිවිය.මොහුට මෙම වාර්තාව පසු කිරීම සදහා වැය වූයේ මාස 7 ක පමණ කාලයක් වීම සුවිශේෂිම කරුණ වේ. ඒ අනුව මෙම මාස 7 තුළ රිස්වාන් තරග 14 කට ක්‍රීඩා කරමින් ලකුණු 752 ක් රැස් කරගෙන තිබේ.ඔහුගේ මෙම කාල පරිච්ඡේදය තුළ පිතිකරණ සාමාන්‍ය 94 කී.ඔහු මෙම ලකුණු සාමාන්‍යයට දෙවෙනි වනුයේ විරාත් කෝලි ට පමණි එනම් කොලිගේ 2016 වසරේ 106 ක සාමාන්‍යටය.

මෙම ලැයිස්තුවේ පිළිවෙලින්

1 Paul Stirling – 748 (in 2019)
2 Kevin O’Brien – 729 (in 2019)
3 Max O Dowd – 702 (2019)
4 Shikhar Dhawan – 689(2018) වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වසරක් තුළ වැඩිම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාවක් රැස් කල ඇති ක්‍රීඩකයා වනුයේ 2009 වසරේ ඉනිම 12 ක දී ලකුණු 471 රැස් කර ගැනීමට සමත් වූ තිලකරත්න ඩිල්ෂාන් ය.

Leave a Comment

Exit mobile version