බටහිර ඉන්දිය කොදෙව් තරගාවලියට එක් වන ශ්‍රි ලංකා කණ්ඩායමට ක්‍රිඩකයින් 22 ක් ඇතුලත් කෙරේ..

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සහභාගි වන ක්‍රිඩකයින් 22 කින් යුත් ශ්‍රි ලංකා සංචිතය නම් කොට තිබෙනවා.  ලෝක ටෙස්ට් ශූරතාවයේ දෙවන අදියරෙහි ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගාවලිය මෙය වන අතර මෙම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා නම් කර ඇති ක්‍රිඩකයන් 22 දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ;-

දිමුත් කරුණාරත්න (C), ඕෂද ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, දනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනොද් බානුක, කමිල් මිශාර, රොශෙන් සිල්වා, රමේශ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ප්‍රවින් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය, ලක්ෂාන් සදකෑන්, සුමින්ද ලක්ෂාන්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමිර, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, චාමික ගුණසේකර

තරගාවලිය නොවැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා කොදෙව් පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතය.

 

Leave a Comment

Exit mobile version