මහීෂ් තව මහන්සි වෙන්න ඕනි පොඩි පොඩි අඩුපාඩු ගොඩක් තියෙනවා හදාගන්න – අජන්ත මෙන්ඩිස්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරගයට පෙර දින (11) පැවති ශ්‍රි ලංකා හිටපු විස්සයි විස්ස නායක ලසිත් මාලිංග සහ මාධ්‍යවේදි කැලුම් ශිමාල් මහතා සමග පැවති මාධ්‍ය සකාච්ඡාවකට ශ්‍රි ලංකා හිටපු සුපිරි දගපන්දු යවන ක්‍රිඩක අජන්ත මෙන්ඩිස් ද zoom තාක්ෂණය ඔස්සේ එක් වී තිබුණා.

එහිදී මාධ්‍යවේදි කැලුම් ශිමාල් මහාතා විසින් නවක දග පන්දු යවන ක්‍රිඩක මහිෂ් තික්ෂණගේ පන්දු යැවීමය පිළිබද විමසු විටදී හිටපු සුපිරි දගපන්දු යවන ක්‍රිඩක අජන්ත මෙන්ඩිස් පවසා සිටියේ මහිෂ් තික්ෂණ තවමත් නිසි පාලනයකින් තොරව පන්දු යොමු කරන බවත් මහන්සී වී පුහුණුවීම් කළ යුතු අතර යම් දිනක මහිෂ් තික්ෂණ ශ්‍රි ලංකා ක්‍රිකට් වලට විශාල වෙනසක් සිදු කරනු ඇති බවය.
අජන්ත මෙන්ඩිස් මෙම වැඩසටහනේදී මහීෂ් තික්ෂණ පිළිබද දැක්වූ අදහස් පහතින්,

COLOMBO. SRI LANKA – SEPTEMBER 07: Maheesh Theekshana (2nd L) of Sri Lanka celebrates the wicket during the 3rd ODI match between Sri Lanka and South Africa at R. Premadasa Stadium on September 07, 2021 in Colombo, Sri Lanka. (Photo by Isuru Sameera Peiris/Gallo Images/Getty Images)

“මහේෂ් හොඳ skillfull පන්දු යවන්නෙක් ඔහුට හොඳ වේරියේෂන් ගොඩක් තියෙනවා හැබැයි පොඩි පොඩි අඩුපාඩු ගොඩක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන කොන්ට්‍රෝල් එක පොඩ්ඩක් මදි මදි ගතියක් අපි ඔක්කොමලාට පේනවා.. ඔහු මහන්සි වෙන්න ඕනි ඇත්තටම ඒක හදාගන්න.. මහේෂ් කියන්නේ ඇත්තටම ගොඩක් මහන්සියෙන් පුහුණුවීම් කරන ක්‍රීඩකයෙක් මොකද විශේෂයෙන්ම කිව්වොත් ඔහුගේ කිලෝ 105 ක විතර Weight එකක් තිබ්බ ක්‍රීඩකයෙක් දැන් ඔහු 80 ගානකට 70 ගානකට බර බස්සගෙන තියෙනවා.. ඉතින් එයා අවුරුදු එකහමාරක් දෙකක් ඇතුලත ගොඩක් මහන්සි වුණා. එච්චර මහන්සිවෙලා කැපකිරීමක් කරපු ක්‍රීඩකයෙක් ට තමාගේ කොන්ට්‍රෝල් එක ලයින් ඇන්ඩ් ලෙන්ඩ් එක හදාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි.”

“හැමවෙලේම තමාට තමාව බැක් කරගන්න ඕනේ අපිට මේ දේ කරන්න පුලුවන් කියලා තමාගේ ආත්ම විශ්වාසය තමයි මෙතන ගොඩක් තියෙන්නෙ තව මහන්සි වෙන්න ඕන මහේෂ්.. මම මහේෂ්ගේ දැකපු දෙයක් තමයි එයාගේ length එක වෙන දඟපන්දු යවන්නන් වගේ නෙවෙයි backoff a length බෝල් කරන්න ඕන විශේෂයෙන්ම.. ක්‍රීඩකයෙක් වශයෙන් මහේෂ්ට ඉක්මනටම ජාතික කණ්ඩායමට එන්න ලැබුණා ඉතින් ඒක ඔහුට ලැබුණු චාන්ස් එකක් දැන් ඔහු මහන්සි වෙන්න ඕන.. එතන ඉන්නවා පියල් විජේතුංග එයා තමයි ඒකට හොදම දොස්තර ලංකාවේ ඔහුත් එක්ක වැඩ කරලා ඒ වැරදි ටික හදා ගන්නවා කියන එක අමාරු දෙයක් නෙවෙයි..අපි වගේ පන්දු යවන්නන් වැඩිපුර වැඩ කරන්න ඕනි කඩුලු ලබාගන්න. මම හිතනවා මහිෂ් තික්ෂණ කියන පුද්ගලයා ලංකාවේ ලොකු වෙනසක් කරයි කියලා ඉස්සරහට

Leave a Comment

Exit mobile version