මහේල තවමත් පෙරමුනේ..

විස්සයි විස්ස තරග රටාව යනු ඉතා උද්වේගකර තරඟ රටාවකි.මෙහි අන්තර්ජාතික 20 20 ලෝක කුසලාන තරග රටාවේ ලකුණු දහස පසු කළ ලොව පළමු හා දැනට එකම පිතිකරු ලෙස වාර්තා අතර සිටිනුයේ ලොව බිහි වූ සුපිරි පිතිකරුවෙකු වූ ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ජයවර්ධන 2014 අප්‍රේල් 6 වන දින විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගයේදී මහේල මෙම කඩයිම පසු කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වූයේ ශ්‍රී ලංකාවට 20 20 ලෝක කුසලානයද උරුමකර දීමේ සුවිශේෂී මෙහෙයක් ඉටුකරමින් වීමද විශේෂත්වයකි.

මෙහිදී මහේල මෙම කඩයිම පසු කිරීමේදී
තරග : 31
ලකුණු : 1016
Ave. : 39.07
S.r : 134.74
ලෙස සටහන් විය
(දත්ත sport kreeda)

මෙහි දෙවන ස්ථානය ලකුණු 920 ක් රැස් කර සිටින ලොව ප්‍රහාරාත්මක සුපිරි පිතිකරු ක්‍රිස් ගෙල් හා ලකුණු 897 ක් ලබා තෙවන ස්ථානය ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හට හිමිව ඇති අතර සිව් වන ස්ථානය සුපිරි ක්‍රීඩක විරත් කොලිට හිමිව තිබේ

Leave a Comment

Exit mobile version