මිනෝද් භානුක අවසන් 15 දෙනාගේ සංචිතයට එක් වන ලකුණු..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රි ලංකා සංචිතය පසුගිය දා නම් කළ අතර එම කණ්ඩායම ක්‍රිඩකයන් 19 දෙනෙකුගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත මේ වන විටත් ලබා දී ඇත .

නමුත් පවතින කොරොනා වසංගත තත්ත්වය මත මතුවිය හැකි හදිසි අර්බුදවලට සාර්ථකව මුහුණදීම උදෙසා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය 35ක් දක්වා වැඩි කිරිමට ඊයේ (16) ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සහ ක්‍රිකට් නිළදාරින් අතර පැවති සාකච්ඡාවකදි තිරණය කර ඇතැයි වාර්තා වනවා. නමුත් එම එක්වන ක්‍රිඩකයින් කවුරුන්ද යන්න තවමත් නිවේදනය කොට නොමැත. අවසන් 15 දෙනාගේ සංචිතයේ වෙනස්කම් සිදු කිරිමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියල විසින් ඔක්තොබර් 10 දක්වා කණ්ඩායම් වෙත තම අවසරය ලබා දි ඇත.

මේ අකාරයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය ද මෙවර ලෝක කුසලානය සදහා ක්‍රිඩකයින් 36 ක සංචිතයක් නම් කොට ඇති බව සදහන්.

මේ අතර දකුණු අප්‍රිකානු තෙවන විස්සයි විස්ස තරගය අතර තුර අබාධයකට ලක් වූ ලහිරු මධුසංක වෙනුවට ලෝක කුසලානයට එක්වන ශ්‍රි ලංකා අවසන් 15 දෙනාගේ සංචිතයේ අවස්තාව මිනෝද් භානුකට ලැබිමට වැඩි ඉඩක් පවතින බවද වාර්තා වනවා.

Sri Lanka’s Minod Bhanuka plays a shot during the first one-day international (ODI) cricket match between Sri Lanka and India at the R.Premadasa Stadium in Colombo on July 18, 2021. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

Leave a Comment

Exit mobile version