මෙවර අබුඩාබි T 10 ලීගයේ කණ්ඩායම් තුළ රදවා ගත් ක්‍රිඩකයින් අතරට ශ්‍රි ලංකාවෙන් දෙදෙනෙක්…

ශ්‍රී ලංකා දග පන්දු යවන වනිදු හසරංග තව දුරටත් අබුඩාබි T 10 ලීගයේ ඩෙකැන් ග්ලැඩියේටර් කණ්ඩායම තුළ රදවා ගැනීමට අද(05) තීරණය කර තිබේ. වනිදු හසරංග මේ වන විට ලොව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශේණිගත කිරිම් හි දෙවන ස්තානයේ පසුවන අතර මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමද නියෝජනය කරනවා.

එසේම බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ද මෙවර කැරිබියන් ලීගයෙහි දැක් වූ දක්ශතා පදනම් කර ගනිමින් ඉසුරුව කණ්ඩායම තුළ රඳවා ගැනීමට ඔවුන් තීරණය කර ඇත. කැරිබියන් ලීගයෙහිදි ඉසුරු තරඟ 07 කදී කඩුලු 11 ක් හා පිත්තෙන්ද යම්තාක් දුරකට දස්කම් දැක්වීමට සමත් විය. ගියවර තරගාවලියට ද ඉසුරු උදානව තෝරා ගෙන තිබුනද ශ්‍රි ලංකා කණ්ඩායමේ තිබූ කාර්යබහුල තත්වය මත එම අවස්ථාව ඉසූරු හට මග හැරී ගියහ.

මෙවර අබුඩාබි T 10 ලීගය ලබන මස නොවැම්බර් 19 සිට දෙසැම්බර් 04 වැනි දින දක්වා එක්සත් එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සියල්ල සැලසුම් කර ඇත.

Leave a Comment

Exit mobile version