මෙවර T20 ලෝක කුසලානයෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන එක්කර ගැනීමට සාකච්ඡා..

ශ්‍රී ලංකවේ බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු හා හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන විස්සයි විස්ස ලෝක කුසලානයට සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් පවති.

ඒ විස්සයි විස්ස ලෝක කුසලානයෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමටය.මේ පිළිබඳව විමසා බලන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් කමිටුව මහේල ජයවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වනවා..

මහේල ජයවර්ධන මේ වන විට IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ගියවර කිරුළ ඔහුගේ පුහුණු කාරිත්වය යටතේ දිනා ගැනීමට එම කණ්ඩායම සමත් වුහ.

එසේම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2017, 2019 IPL කිරුළ දිනා ගනු ලැබුවේ ද The Hundred ලීගයේ සවුතන් බ්‍රේවු කණ්ඩායම කිරුළ දිනා ගනු ලැබුවේ ද මහේලගේ පුහුණු කාරිත්වය යටතේය. මේ පිළිබඳව NethNewslk වෙබ් අඩවිය විසින් ද වාර්ථා කර තිබුණි.

Leave a Comment

Exit mobile version