රවී ශාස්ත්‍රී ඉන්දීය ප්‍රධාන පුහුණුකරු දුරයට සමු දෙයි..

එළබෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයෙන් පසුව වර්තමාන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රීගේ කොන්ත්රාත්තුව අවසන් වූ පසු එම තනතුරේ තවදුරටත් නොසිටින බව BCCI වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

සෙසු පුහුණු කාර්ය මණ්ඩලයේ කොන්ත්‍රාත් ද ඒ සමඟම අවසන් වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන T 20 ලෝක කුසලානය අවසන් වීමෙන් පසුව සමස්ත පුහුණුකරුවන්ගේ සැලැස්ම ම වෙනස් කිරීමට BCCI සැලසුම් සකස් කර ඇති බව වාර්තා වේ.

රවී ශාස්ත්‍රීගේ මූලික කොන්ත්රාත්තුව 2019 වසරේ දී අවසන් වූවද ඔහුගේ සාර්ථකත්වය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට 2021 විස්සයි -20 ලෝක කුසලාන තරගාවලියේ අවසානය දක්වා වසර දෙකක සේවා දිගුවක් දුන්නේය

ඉන්දියාවේ පූර්ණ කාලීන පුහුණුකරු රවි ශාස්ත්‍රීගේ ඉවත් වීමෙන් පසුව නව පුහුණුකරු තනතුරට වඩාත්ම ආසන්නයෙන් සිටින්නේ හිටපු නායක රාහුල් ඩ්‍රාවිඩ් මහතා හෝ අනිල් කුම්බ්ලේ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර සුපිරි ඉන්දීය පිතිකරු විරාත් කෝලි තම විස්සයි විස්ස නායක්තවයට සමුදීමට තීරණය කළ බව ඔහු නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා (17) දින නිවේදයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණි.

Leave a Comment

Exit mobile version