රොෂාන් මහානාම ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමේ සුදානමක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි දින වලදී ශ්‍රි ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම , 19 පහළ කණ්ඩායම සහ ශ්‍රි ලංකා ක්‍රිකට් A කණ්ඩායම් හි පුහුණුකරුවන් සම්බන්ධව විශාල වෙනස් කම් රැසක් සිදු කිරීමට නියමිත බවට වාර්තා වනවා…

මෙම වෙනස් කම් අතරට මේ වන විට මිකි ආතර් මහතා කටයුතු කරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දුරයට  රොෂාන් මහානාම මහතා  පත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ජා සිදු කරමින් පවතින බව වාර්තා වනවා..

එමෙන්ම ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේඋපදේශක තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා සිදු කරමින් සිටින අතර අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව මහේල සේවා වැටුප් රහිතව මෙය භාර ගැනීමට සූදානම් බවද පැවසේ..

ඊට අමතරව අවිශ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු ලෙස හෝ ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුණුකරු ලෙසද පත්කිරීමට නියමිතව තිබේ.

 

තොරතුරු  Sunday Times පුවත්පත මගින්

Leave a Comment

Exit mobile version