ලෝක කුසලානයට දින නියම වෙයි – 20/21

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2021 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව තුළ පැවිත්වීමට නොහැකි තත්වයකට පත්ව තිබේ

එමනිසා මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කර ඇති බවට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ

සැලසුම් වලට අනුව තරගාවලිය ඔක්තෝබර් 17 වනදා ආරම්භ වන අතර නොවැම්බර් 14 වනදා අවසාන මහා තරඟය පැවැත්වීමට තීරණය කර තිබේ.

නමුත් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබියේ දී පැවැත්වීමට ගත් තීරණය තවමත් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත නිල වශයෙන් දන්වා නැත

ඒ අනුව ලෝක කුසලානයේ පළමු වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වෙනු ඇත.පළමු වටය තරග 12කින් සමන්විත වේ. පළමු වටයේ තරග සදහා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ද ක්‍රීඩා කරනු ලැබේ.

පළමු වටයේ කණ්ඩායම් 8ක් තරග කිරීමට නියමිත අතර, පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 සුපිරි 12 වටයට සුදුුකම් ලබයි.

සුපිරි 12 වටය සදහා ශ්‍රේණිගත කිරීම් වල මුල් කණ්ඩායම් 8 මේ වන විටත් සුදුසුකම් ලබා ඇත. ඔක්තෝබර් 24 ආරම්භ වන සුපිරි 12 වටය තරග 30 කින් සමන්විත වේ.

කණ්ඩායම් 12 6 බැගින් කාණ්ඩ 2ක් යටතේ ක්‍රීඩා කරනු ලැබේ ,ඩුබායි, අබුඩාබි සහ සාජාහී දී සියලු තරග පැවැත්වීමට නියමිතය

පසුගිය දිනක පැවිති සාකච්ජා වටයකදි icc ආයතනය විසින් සත්කාරකත්වය පිළිබද තීරණයක් ගැනීමට ඉන්දියාවට මාසයක කාලයක් ලබා දුනි ඒ මත පදනම් වෙමින් මෙවර තරඟාවලිය එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කරන ලද්දේ .

Leave a Comment

Exit mobile version