වාර්ෂික ගිවිසුමට අත්සන් කිරීම තවදුරටත් කල්යන ලකුණු අවසන් අවස්ථාව අද (07)

ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක්‍රිඩකයන් හා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයත් අරවින්ද ද සිල්වා මහතා ගේ සභාපතිතිවය දරණ ක්‍රිකට් තාක්ෂණික කමිටුව අතර මත භේදාත්මක තත්වයක් ඇති වී තිබිණි..

ඒ මෙවර කොන්ත්රාත් ගිවිසුම් සකස් කිරීමේදි ක්රීඩකයින්ට පුද්ගලික දක්ෂතා මත පදනම් ව  ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් මගින් ක්‍රිඩකයන් කාණ්ඩගත කල ආකාරය පිළිබද තොරතුරු ලබා දෙන ලෙසත් එම තොරතූරු ලැබෙන තෙක් වාර්ෂික ගිවිසුම අත්සන් නොකර බවත් ක්‍රිඩකයන් 40 දෙනෙකු පමණ  පැවසීම හේතුවෙනි..

කෙසේවෙතත් එම තත්වය මත වුවත් ශ්‍රි ලංකා කණ්ඩායම බංගලාදේශ සංචාරය සහා එංගලන්ත සංචාරය සදහා එක් වූ අතර මේ මස ( 13 ) වන දින ආරම්භ වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රි ලංකා තරග සංචාරය සදහා තවමත් ශ්‍රි ලංකා මුලික සංචිතයේ ක්‍රිඩකයින් රැසක් වර්ෂික හෝ සංචාරක ගිවිසුම අත්සන් කිරිම කමැත්ත පළකර නැත..
ඒ ක්රීඩකයින්ට වාර්ෂික ගිවිසුම වෙනුවට සංචාර ගිවිසුම  පමණක් ලබාදෙන බව  ක්රිකට් තාක්ෂණික කමිටුව  ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක නිලධාරිවරයා හරහා ක්රීඩකයින්ට දැනූම් දී තිබෙනවා.
එහිදි වාර්ෂික ගිවිසුම අත්සන් කිරීමට කැමති බවත් සංචාරක ගිවිසුම අත්සන් කිරීමට අකමැති බවත් ඇතැම් ක්රිකට් ක්රීඩකයින් දන්වා ඇති බව වාර්තා වනවා…
කෙසේවෙතත් එංගලන්තයේ සිට පැමිණි ක්රීඩකයින් කිහිපදෙනෙකු බිනුර ප්‍රනාන්දු , චරිත් අසලංක , ඉෂාන් ජයරත්න, දනංන්ජය ලක්ෂාන් , චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු  සංචාරක ගිවිසුම ඊයේ (06)  රාත්රියේ අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.. ( මෙම ක්‍රිඩකයන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට ඇතුලත්ව නැත )
සෙසු ක්රීඩකයින්ට සංචාර ගිවිසුම අත්සන් කිරීමට  අද ( 07 ) උදෑසන තෙක් කාලය ලබා දී ඇති බවත් වාර්තා වනවා.

Leave a Comment

Exit mobile version