වෙනස්කම් කිහිපයක් සමගින් අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම..

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර හුරුවක් ලෙස පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ පළමු 20යි 20 තරගය අද (7) ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය ලෝක කුසලාන තරගාවලියේදි ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසන් සංයුතිය පිළිබවද පිතිකරණ අනුපිළිවෙල සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනීමට ද මෙම තරගාවලිය වැදගත් වනු ඇති බව දිවයිනෙන් පිටත්ව යාමට පෙර පැවති වැඩසටහනකදි ශ්‍රි ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා ප්‍රකාශ කර සිටියා. ඔහු පැවසු අදහස් පහතින්,

“තවම අපි කණ්ඩායමේ සංයුතිය ගැන පිළිබද අවසන් තීරණයක් අරන් නෑ ඕමාන තරග දෙකෙන් පසුව තමයි තේරිම් කමිටුවත් ප්‍රධාන පුහුණුකරුත් මහේලත් මම හිතන්නේ තේරිම් වලට සහභාගි වෙයි. ඔවුන්ගේ අත්දැකීම් අනුව අවසන් කණ්ඩායම තෝරයි.” යනුවෙන් චමින්ද වාස් මහතා ඒ පිළිබඳව පවසා සිටියා.

මෙම තරගාවලියට ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින් 23 දෙනෙකු එක්වන අතර මෙම ක්‍රිඩකයින් අතරින් 15 දෙනෙකු එළඹෙන ලෝක කුසලාන අවසන් සංචිතයට නම් කිරිමට නියමිතය. නමුත් ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මෙම තරගාවලියට එක් නොවනු ඇත එමෙන්ම ආබාධයකට සහ කොවිඩ් 19 අසාදනය වී සුවය ලැබූ කුසල් ජනිත් ජනිත් පෙරේරා ද අද තරගයෙන් විවේක ගැන්වීමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ කෙසේ වෙතත් චමින්ද වාස් මහතා පැවසුවේ ඔහු මේ වන විට 100% ක් සුවය ලබා ඇති බවයි.

බොහෝ විට අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි විය හැක.

දිනේෂ් චන්දිමාල් , අවිශ්ක ප්‍රනාන්දු , භානුක රාජපක්ෂ , චරිත් අසලංක , දසුන් ශානක , දනංජය ද සිල්වා , චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, මහීෂ් තික්ෂණ, ලක්ෂාන් සදකැන්, ප්‍රවීන් ජයවික්‍රම.

Leave a Comment

Exit mobile version