ශකිබ් අල් හසන් විසින් ඉතිහාසයේ හොදම IPL කණ්ඩායම නම් කරයි..

වර්තමාන ICC ශ්‍රේණි ගතකිරීම් වල අංක එකේ සිටින බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් විසින් ඔහුගේ හොදම IPL කණ්ඩායම නම් කරන ලදී. ඔහු මේ බව සඳහන් කරන ලද්දේ වැඩසටහනක් අතර තුරදීය.

ඔහු නම් කළ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ඇතුළත් කර තිබේ. IPL හි වැඩිම කඩුලු ලාභියාගේ වාර්ථාවට හිමිකම් කියනු ලබන්නේ ලසිත් මාලිංගය. ඒ තරඟ 122 දී කඩුලු 170 ක්ය.

IPL කණ්ඩායමක විදේශීය ක්‍රීඩකයන් 4 ක් ඇතුළත් විය යුතු උවත් ඔහු නම් කරන ලද්දේ ක්‍රීඩකයන් තිදෙනෙකු පමණි. ඒ වෝනර්, බෙන් ස්ටෝක්ස් සහ ලසිත් මාලිංග පමණි. මෙම කණ්ඩායමේ නායකත්වය හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි වෙත ලබා දී ඇති අතර කණ්ඩායම දග පන්දු යවන්නන් දෙදෙනෙක් සහ වේග පන්දුයවන්නන් හතර දෙනෙකු ඇතුලත් කර තිබේ.

ඔහු විසින් නම් කළ ඉතිහාසයේ හොදම අයි පි එල් කණ්ඩායම මෙසේය,

01. රෝහිත් ශර්මා 02. ඩේවිඩ් වෝනර් 03. විරාත් කෝලි 04. සුරේෂ් රයිනා 05. MS දෝනි 06. KL රාහුල 07. බෙන් ස්ටෝක්ස් 08. රවීන්ද්‍ර ජැඩේජා 09. ලසිත් මාලිංග 10. ජස්ප්‍රීරීට් බුම්රා 11. බුවනේෂ්වර් කුමා ය.

Leave a Comment

Exit mobile version