ශ්‍රී ලංකා A කාණ්ඩායමේ නායකත්වය සදීර සමරවික්‍රමට..

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පකිස්ථාන A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත නිල නොවන තරඟාවලියේ ශ්‍රී ලංකා A කාණ්ඩායමේ නායකත්වය සදීර සමරවික්‍රම හට ලබා දී තිබෙන බව වාර්තා වනවා.

පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. ඔක්තෝබර් 21 වනදා පාකිස්තාන A කණ්ඩායම මෙරටට ළගා වීමට නියමිත අතර, පළමු සිව්දින තරගය ඔක්තෝබර් 28 වනදා මහනුවර දී ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රි ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ ලසිත් ඇඹුල්දෙනිය මෙම සංචිතය සදහා එක්වීමට නියමිතව තිබෙන බව මීට දින කිහිපයකට අපට වාර්තා විය. නමුත් ඒ පිලිබද නිළ වශයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර නොමැත. මෙම තරගාවලියට සහභාගි ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීම සදහා යොමු කර තිබෙන බවත් වාර්තා වනවා. ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා කටයුතු කරනවා.

Leave a Comment

Exit mobile version