2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (15) රාත්‍රියේදි..

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ අවසන් මහා සටන කොල්කටා නයිට් රයිඩර්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර අද (15)  ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී  පැවැත්වීමට නියමිතය.

 

 

 

පසු ගිය මැයි මස 02 දින කොරෝනා වසංගතය හේතුවෙන්  අතරමඟ නවතා දැමූ IPL තරගාවලිය දෙවන අදියර ලෙසින් සැප්තැම්බර් 19 ආරම්භ කෙරිනි. ඒ අනුව දෙවන අදියරේ පළමු තරඟය ලෙස පසු ගිය වසරේ ශූරයන් වූ මුම්බායි ඉන්දියන් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඩුබායි හීදී ආරම්භ වීය.

 

 

එදින සිට පුරා මසක පමණ කාලයක් පැවති 2021 ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.30 ට ආරම්භ වන අතර නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ ඔයින් මෝගන් වන අතර චෙන්නායි සුපර් කිංග්ස් මෙහෙය වනු ලබන්නේ MS දෝනී විසිනි.

 

 

දිල්ලි කැපිටල් කණ්ඩායම පරාජයට පත් කරමින් චෙන්නායි ක්‍රීඩකයින් අවසන් ගැටුමට සුදුසුකම් ලැබූ අතර, නයිට් රයිඩර්ස් කණ්ඩායම බැංගලෝර් සහ දිල්ලි කැපිටල් කණ්ඩායම් පරාජයට පත් කරමින් අවසන් සටනට සුදුකම් ලැබීය.

 

 

 

මීට පෙර අවස්ථා 08 දී අවසන් තරඟයට සුදුසුකම් ලබා ඇති චෙන්නායි ක්‍රීඩකයන් ඉන් 05 ස් වතාවක් පරාජයට පත්ව ඇති අතරම කුසලාන 03 ක් ජය ගැනීමට සමත් වී තිබේ. නයිට් රයිඩර්ස් කණ්ඩායම අවස්ථා දෙකකදී අවසන් තරඟයට සුදුසුකම් ලබා ඇත. ඉන් අවස්ථා දෙකම ජය ගැනීමට ඔවුන් සමත් විය.

 

 

 

 

Leave a Comment

Exit mobile version