ටොම් මුඩිගේ වාර්තාවට අනුව විස්සයි විස්ස නායකත්වය දසුන් ශානකට..

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන හා වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක වරයා වන ටොම් මූඩි මහතා පසු ගියදා නිමාව දුටු එංගලන්ත තරග සංචාරය අතරතුර පුහුණු කාර්යමණ්ඩලය සහ ක්‍රීඩකයන් පිළිබඳව විශේෂ අධීක්ෂණයක නිරතව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති වන අරවින්ද ද සිල්වා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දියුණු විය යුතු ස්ථාන,නිවැරදි කර ගත යුතු ස්ථාන සහ අඩුපාඩු විය හැකි ස්ථාන පිළිබඳව ටොම් මූඩි මහතා විසින් විශේෂ වාර්තාවක් සකස් කර ඇති අතර එය ඉදිරි දින කිහිපය තුලදී ක්‍රිකට් ආයතනය වෙත ලැබීමට නියමිත බවයි.

එමෙන්ම සීමිත පන්දුවාර තරග වලදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය T 20 ලෝක කුසලානය දක්වාම දසුන් ශානකහට ලබා දීමට තීරණය කර ඇති බවට අරවින්ද ද සිල්වා මහතා දක්වා තිබේ.එසේම ඔහු තවදුරටත් පවසා සිටියේ දසුන් ශානකගේ නායකත්වය පිළිබඳව විශාල විශ්වාසයක් ඇති බව හා ඔහු වටා ක්‍රීඩකයන් ඒක රාශී වී මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත ඉන්දීය තරගාවලියේ දී ජයක්ග්‍රාහි මාවතකට කණ්ඩායම එළඹෙනු ඇති බවයි.

කණ්ඩායම මුලදී විවිධ ගැටළු ඇති වූ නමුත් ඒව ක්‍රමයෙන් සාමකාමීව විසඳාගෙන ඇති බවත් ක්‍රීඩාවට අවධානය යොමු කරමින් අතීතය අමතක කර රටවෙනුවෙන් පෙරට පැමිනීමට ඔවුන්ට ඉතිරිව ඇති බව හෙතම පවසා සිටියහ.අපි කවුරුත් දන්නවා තේරීම් කමිටුව තරුණ කණ්ඩායමක් ගොඩ නැගීමට උත්සහ කරන්නේ අනාගතය සදහා ප්‍රබල සංචිතයක් පිහිටුවීමේ අරමුණින් බව.අනෙක් කණ්ඩායම් නිරීක්ෂණය නොකර ඔවුන් තම තමන්ගේ දක්ෂතාවයන් අනුව ක්‍රීඩා කළ යුතුයි.යන්න ඔහු වැඩි දුරටත් දක්වා තිබුණි.

පසුගිය දින නිමා වුන තරගාවලියේ ජේෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනෙකුට තාවකාලිකව තරග තහනමකට ලක් වූ නිසා  කුසල් ජානිත් පෙරේරාට අමතර බරක් දැරීමට සිදු වේ.කුසල් ජනිත් ඔහුගේ පිතිකරණයේදි යම් කිසි ඒකාග්‍රතාවයකට පැමිණ දවසේ තරග දිනවිය හැකි ක්‍රීඩකයෙක් ලෙසත්සෙසු ක්‍රීඩකයන් ශානක වට එක්ව පෙළ ගැසී තරග ජයක්ග්‍රහනයට කාලය එළඹ ඇත යන්න ඔහු පවසා සිටියේ ය.

වයස අවුරුදු 19 න් පහළ සංචිතයක් ඇති කළ යුතු බව අරවින්දගේ අදහසයි. මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කරුණු ඉදිරිපත් කර ඇත. මෙම සංචිතය ආරම්භ කිරීම අවසානයේ තරුණ ක්‍රීඩකයින්ට කණ්ඩායමක් ලෙස මුසු කිරීමට සහ ඊළඟ ලෝක කුසලානය සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙනු ඇතැයි ඔහු විශ්වාස කරයි. මේ වසර අගදී විස්සයි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ හැකියාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ

“කිසිදු ගැටළුවක් නොමැත අපි අනිවාර්යයෙන්ම ඒ සඳහා සුදුසුකම් ලබනව. අපි දැන් ගැටළුවකින් තොරව ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීම සඳහා ව්යුහය සකස් කරලා තියෙන්නේ. මෙය ක්‍රියාත්මක කිරීමෙන් අනාගත ගැටළු කිසිවක් නොපවතින අතර යහපත් ප්‍රතිපල ලැබෙනු ඇත. ”
මේ පිළිබඳව ඔහු මේ අදහස් පළ කරන ලද්දේ daily news පුවත් පත හරහාය..

Leave a Comment

Exit mobile version