EPL තරගාවලියේදි ධම්මික ප්‍රසාද් ගෙන් සුපිරි පන්දු යැවීමක්..

මේ දිනවලදී නේපාලයේදි පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලිග් තරගාවලියේ අටවන තරගය අද (29) Bahirawa Gladiators කණ්ඩායම සහ Biratnagar Warriors කණ්ඩායම අතර පැවති අතර ධම්මික ප්‍රසාද් ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් Biratnagar Warriors කණ්ඩායම පන්දුවාර 17.4 තුළ ලකුණු 89 කට සීමා කිරීමට හැකි වුණා.

මෙහිදි ධම්මික ප්‍රසාද් පන්දුවාර 3 ක් යවමින් ලකුණු 6 ක් පමණක් ලබාදෙමින් කඩුලු 3 ක් ලබා ගැනීමට සමත් විය.

එමෙන්ම Biratnagar Warriors කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර පන්දු 20 ක් තුල හයේ පහරක් සහ හතරේ පහරවල් දෙකක් සමගින් ලකුණූ 25 ක් රැස් කිරිමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ Bahirawa Gladiators කණ්ඩායම පන්දු වාර 15.3 තුළදි කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ අතර උපුල් තරංග නොදැවි පන්දු 34 ක් තුළ ලකුණු 35 ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ධම්මික ප්‍රසාද් හට හිමිවිය.

Leave a Comment

Exit mobile version