Galle Gladiators කණ්ඩායමේ වත්කම් ඉහළට..

ලංකා ප්‍රිමියර් ලීගයේ තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වන Gall Gladiator හි හිමිකාරීත්වය දැරූ පකිස්තාන ජාතික Nadeem Omar ට අමතරව තවත් ප්‍රබල ව්‍යාපාරකියන් දෙදෙනෙකු එහි සම හිමිකාරීත්වය සදහා එක් වී තිබෙන බව වාර්තා වනවා.

Nadeem Omar

ඒ අනුව Aziz Abdul Rahim Kassamali සහ Majid Bashir යන ව්‍යාපාරිකයින් මෙලෙස එක් වී තිබේ. මෙම නව සම හිමිකාරීත්වයන් යටතේ Gall Gladiator කණ්ඩායමේ වටිනාකම ඩොලර් මිලියන 3.82 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එළැඹෙන නොවැම්බර් මස ආරම්භ වීමට නියමිත LPL තරඟ මාලාවේදී Andre Russell, Andre Fletcher, Shahid Afridi යන ප්‍රබල ක්‍රීඩකයන් මෙන්ම තවත් ලොව සුපිරි ක්‍රීඩකයන් රැසක් එක් කර ගැනීම මෙහි අරමුණ වී තිබේ.

2021 වසරට අදාල ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලිය ජූලි 30 දින ආරම්භ කිරීමට කටයුතු කරමින් තිබුනද එය දින නියමයකින් තොරව කල් යන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනු ලැබුහ. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ මේ වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මසයදී පැවැත්වීමට සුදානම් වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබුණා.

Leave a Comment

Exit mobile version