වනිඳු හසරංගට මෙවර IPL වරම් හිමිවන ලකුණු..

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හට එළෙබෙන ඉන්දීය ප්‍රීමියර් ලීගය සදහා ප්‍රබල කණ්ඩායම් හතරකින් ආරාධනා ලැබී ඇති බවට වාර්තා වේ.

නැවත ආරම්භ වන මෙම තරගාවලිය සඳහා නැවත පෙර ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු නැවත එම තරගාවලිය සදහා එක් නොවුවහොත් වනිදු හට ආදේශ ක්‍රීඩකයෙකු ලෙස කිසියම් කණ්ඩායමකට එක්විමේ හැකියාව ඇත. වාර්ථා වන තොරතුරු අනුව හසරංග ඒ සදහා කැමැත්ත පල කල ඇති බව දැක්වේ.

තුන් ඉරියව් ක්රීඩක වනිඳු හසරංග සිය කණ්ඩායම් වලට එක්කර ගැනීමට IPL කණ්ඩායම් 4 ක් කැමැත්ත පළ කර තිබෙනවා. එම කණ්ඩායම් 4 අතරින් තරඟ වැඩිවශයෙන් ක්රීඩා කළ හැකි IPL කණ්ඩායම වනිඳු තෝරාගැනීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මොහු හට ඉනිදිය ප්‍රීමියර් ලිගයෙහී ක්‍රීඩා කිරීමට අවසර ලබා දුනහොත් වනිදු බොහෝ දුරට මෙවර කණ්ඩායමක් සමග ගිවිසුම් ගත වේ.

මේ වන විට විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණි ගත කිරීම වල දෙවැනි තැන වනිදු හට හිමිව තිබේ.

ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ශරිර ගත වීමත් සමග දින නියමයක් නොමැතිව 2021 ප්‍රීම්යර් ලීගය කල් ගිය අතරම එය ලබන සැප්තැම්බර් මස 19 දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඔක්තෝම්බර් මාස 15 වන දින අවසාන මහා තරගය පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Comment

Exit mobile version