මම හිතන්නේ ඒ කතාබහ විවේකාගාරයේ සිදුවිය යුතුව තිබුණු දෙයක් – දසුන් ශානක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි එක්දින තරග පසුගිය දා අවසනාවන්ත ලෙස ශ්‍රි ලංකාව පරාජයට පත් විමෙන් අනතුරුව දසුන් ශානක හා පුහුණුකරු මිකී ආතර්  අතර ක්‍රීඩාංගනයේ දී ඇති වූ කතාබහක් සමාජ මාද්‍ය මගින් ප්‍රචාරය විය.

ඒ සම්බන්ධයෙන් තෙවැනි එක්දින තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද(22) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්  දසුන් ශානක අද අදහස් පල කළා.

පුහුණුකරු හා තමා අතර සිදු වූ එම සංවාදය ක්‍රීඩක විවේකාගාරයේ දී සිදු විය යුත්තක් බවයි දසුන් ශානක ද මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කළේ.

“මම හිතන්නේ ඒක Dressing room එකේ වෙන්න ඕනෙ දෙයක් තමයි ක්‍රීඩා පිටියේදි වුණේ.” 

“කෝච්ට දැනගන්න ඕනෙ වුණේ අපි ප්ලෑන් කරපු දේවල්වලින් පිට ගියාද කියල. මම කීව ප්ලෑන් කරපු දෙයින් පිට ගියේ නැහැ කියලා. ඒ සාකච්ඡාව විතරයි පැවැත්වුණේ. මම පැහැදිලි කරල දුන්නා විතරයි මේ දේ තමයි එතන වුණේ කියන එක” යනුවෙන් දසුන්  ශානක අදහස් පළ කළා.

මිට පෙර  මිකි ආතර් ටුවිටර් පණිවිඩයක් මගින් මේ පිළිබද අදහස් පළ කර තිබුණා..

Leave a Comment

Exit mobile version